පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් බ්‍රහස්පතින්දා (26) පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට සේම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට ද, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 13 වන දින කැඳවන ලද පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ සංහිඳියාව වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙම හමුවේදී වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Lanka Newsweek © 2026